
කොල්ලුපිටියේ ප්‍රසිද්ධ සිනමා ශාලාවක නාන කාමරයක් තුළදී රෝගාතුරු වූ කාන්තාවක හදිසියේ මිය ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ජම්පටා වීදිය පදිංචිව සිටි විජේ ලක්ෂ්මී පීරිස් නමැති වයෝවෘද්ධ 70 වන වියේ කාන්තාවක බව පොලිසිය පවසයි.
මිය ගිය කාන්තාව පවුලේ සාමාජිකයන් සමග චිත්‍රපටයක් නැරඹීම සඳහා සිනමා ශාලාව වෙත පැමිණ සිටියදී ඇය ශාරීරික අවශ්‍යතාවක් සඳහා නාන කාමරය වෙත පැමිණ ඇතැයි පොලිසිය කියයි. එහිදී ඇය රෝගාතුර වී ඒ තුළ හදිසියේම මියගොස් සිටි බවත් හෘදයාබාධයක් ඇයගේ මරණයට හේතු වන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.ඒ සමගම චිත්‍රපටිය නැරඹීමට පැමිණි පවුලේ අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබිණි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval