
මස්කෙළිය, බ්‍රවුන්ස්වික් තේ වත්තේ මද්දකට හසුවී කඳුකර කොටියෙකු මිය ගොස් ඇති බවට මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ(29) උදෑසන මෙලෙස මිය ගොස් ඇති කොටියා අඩි 06ක් පමණ දිගකින් යුක්ත වේ.
මෙම කොටියා කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද මද්දකට අසුව මිය ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ සමබන්ධව මස්කෙළිය පොලිසිය විමර්‌ශන සිදුකරනු ලබයි.

.png)
Comments
Post a Comment
Your comment will be visible after approval