
සිය දියණිය උපකාරක පන්තියකට රැගෙන යාමට යතුරුපැදියකින් ගමන් ගත් පොලිස් පරීක්ෂකවරියකගේ ගමන් බෑගයේ තිබූ රුපියල් 60,000ක මුදලක් සහ ජංගම දුරකතනයක් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කොල්ලකා පලායනු ලැබ ඇතැයි යක්කල පොලිසිය පවසයි.
මේවාට අමතරව මෙම බෑගය තුළ පොලිස් පරීක්ෂකවරියගේ පොලිස් හැඳුනුම්පත සහ පෞද්ගලික බැංකුවක කාඩ් පතක් ද තිබී ඇතැයි පොලිසිය කියයි.විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරි කරන මෙම පොලිස් පරීක්ෂකවරිය මේ බව යක්කල පොලිසියට පැමිණිලි කර ඇත. මෙම දේපළවල වටිනාකම රුපියල් එක්ලක්ෂ අටදහසක් (108,000) වන බව පොලිස් පරීක්ෂකවරිය කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් පරීක්ෂකවරිය සතු මෙම දේපොළ කොල්ලකාගෙන පලාගිය පුද්ගලයන් දෙදෙනා ගැන තවම පොලිසියට තොරතුරු ලැබී නොමැත. යක්කල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් පුසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval