
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද උදෑසන සිට විරෝධතාවක් පැවැත්වෙයි. ක්‍රිකට් පරාජයන් අත්වීම මගින් රටට අපකීර්තියක් අත්කරදී ඇත්තේ පරිපාලන දුර්වලතා හේතුවෙන් බැවින් වහාම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්වන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
මණ්ඩලයේ නිලධාරීන් සියල්ල වහා ඉල්ලා අස්විය යුතු බව විරෝධතාව අතරතුර ලේකම්වරයා වන මොහාන් ද සිල්වා පමණක් ඉල්ලා අස්වී ඇත. නමුත් විරෝධතාකරුවන් එය ප්‍රමාණවත් නැතැයි කියමින් තවදුරටත් එහි රැඳී සිටී.
පරිසරවේදිනී හා සමාජ ක්‍රියාකාරිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියද මෙම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය අවට විශේෂ ආරක්ෂාවක් සලසා තිබෙයි.
විශාල පොලිස් කන්ඩායමක් ආයතනය වටළාගෙන සිටී.



Comments
Post a Comment
Your comment will be visible after approval