
පූගොඩ ප්‍රදේශයේ පදිංචි දාහතර හැවිරිදි පාසල් සිසුවියක අපයෝජන කිරීමේ චෝදනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 28 හැවිරිදි තරුණයෙකු මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පූගොඩ මහෙස්ත්‍රාත් විෂන් ඒකනායක මහතා
ඊයේ 16දා නියම කළේය.පූගොඩ, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
සැකකාර තරුණයා එම දැරිය සමග සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යන අතරතුරදී සැකකරුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙලෙස ඇය අපයෝජනයට ලක් කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.පුගොඩ පොලීසිය පැමිණිල්ල මෙහෙය වීය.
කිරිදිවැල - උපාලි රණවීර
Comments
Post a Comment
Your comment will be visible after approval