
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි කාන්තාවක එම උපකරණයෙන් විදුලිය කාන්දු වී අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම කාන්තාව නිවසේ සිටියදී කොණ්ඩය වියළීමේ යෙදී සිටියදී උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් තිබූ බව පැවසේ. ඇය පාවිච්චි කළ උපකරණය ප්‍රමිතියෙන් තොර එකක් වන්නට ඇතැයි සැක කෙරේ.
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ කාංචනා සුභාෂිණි ලොකු හේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි. ඇය එක් දරු මවකි. වයස තුනක දියණියක ඇයට සිටියාය.
ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති ඇය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත්වී සිටි බවද පැවසිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval