
නිකවැරටිය, මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක රෝගියකුට ශාන්තිකර්මයක් කරමින් සිටි කට්ටඩියකු බව කියන පුද්ගලයකු හදිසියේ රෝගාතුරවී ඊයේ අලුයම මියගොස් ඇතැයි නාන්නේරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රම්බඩගල්ල පොලිස් වසමේ පිහිටි ගණේගොඩ පිහිබුව ප්‍රදේශයේ පදිංචි රණසිංහ මුදියන්සේලාගේ ලයනල් රණසිංහ නමැති අයෙකි.
ඔහු රෝගියාගේ නිවසට පැමිණ පෙරේදා රාත්‍රියේ සිට ශාන්තිකර්මයක් කරමින් සිටියදී ඊයේ අලුයම හතරට පමණ පපුවේ රිදීමක් ඇති වෙන බව කියා නිවසේ අයගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කර ඇති බවත්, පසුව දැඩි ලෙස රෝගාතුර වූ ඔහු නාන්නේරිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. නාන්නේරිය රෝහලේ වෛද්‍යවරයකු පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval