
මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පොල්වත්තක පොල් සොරකමේ ගිය පුද්ගලයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්කර ඇත. මෙම වෙඩි තැබීමට අදාළව පොල්වත්තේ මුරකරුව සිටි පුද්ගලයා බෝර 12 ගිනි අවියක්ද සමග කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොල්වත්තට පෙරේදා (18 වැනිදා) උදෑසන ඇතුළු වූ පුද්ගලයකු පොල් ගෙඩි අහුලාගනිමින් සිට ඇත. ඒ අවස්ථාවේ මුරකරු සහ මුරකරුගේ බිරිඳ එම පුද්ගලයා දැක පොල් රැගෙන නොයන්නයි පවසා ඇත.
එවිට සොරකමේ ආ පුද්ගලයා පිහියක් අතැතිව මුරකරුට සහ බිරිඳට පහරදීමට උත්සාහ දරා තිබේ. මුරකරු ඒ අවස්ථාවේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ගිනිඅවියෙන් වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ ඇස ප්‍රදේශයට තුවාල සිදුව ඇති හෙයින් ඔහුව කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. තුවාල ලැබූ පුද්ගලයා කටාන ප්‍රදේශයේ සොරකම් රැසක සැකකරු බවද පොලිසිය සදහන් කරයි.
රේමන් අපෝන්සු - මීගමුව
Comments
Post a Comment
Your comment will be visible after approval