milei-argentina-president

අන්ත දක්ෂිණාංශික ලිබටේරියන් පිටස්තරයෙකු වන Javier Milei නම් තැනැත්තා තාවකාලික ප්‍රතිඵලවලට අනුව ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර ඇත.
නව ජනාධිපති පිළිගැනීම සදහා ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ආර්ථික අමාත්‍ය Sergio Massa මහතා කැඳවනු ලැබීය.

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Milei මහතාගේ ජයග්‍රහණයට සුබ පැතූ අතර , "ආර්ජන්ටිනාව නැවත වතාවක් විශිෂ්ට කලාපයක් කරන" ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ආර්ජන්ටිනාවේ මැතිවරණය පැවැත්වූයේ උද්ධමනය වැඩිවීම සහ ආර්ථිකය අර්බුදයකට ලක්වීමත් සමඟ ජනතාවට ඇති වූ දුෂ්කර කාලයකදී ය.

Milei මහතාගේ යෝජනාවන්, වෙනසක් අපේක්ෂාවෙන් සිටි ආර්ජන්ටිනා ඡන්දදායකයින්ගේ සහයෝගය දිනා ගැනීමට හේතු විය.

ඡන්ද ගණන් කිරීම 90% කට ආසන්න වන විට දී ,  Massa මහතාට 44% ක් හා Milei මහතාට 56% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්ථා විය.



බුවනෝස් අයර්ස් හි ආධාරකරුවන් අමතමින් සිය ජයග්‍රාහී කතාවේදී Milei මහතා පැවසුවේ, "අද සිට ආර්ජන්ටිනාව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන බවත්,  මේ මොහොතේ සිට  ආර්ජන්ටිනාවේ පරිහානිය අවසාන වන බවත්ය.

 "පැහැදිලිවම අපි බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙය නොවේ. නමුත් මම සුබ පැතීමට Javier Milei සම්බන්ධ කර ගත්තෙමි." යනුවෙන් පරාජයෙන් පසුව, Massa මහතා පැවසුවේය.  

ජනධිපතිවරණය අවසානය දක්වාම ඉතා තියුණු තරඟයක් වූ නමුත් , මැතිවරණ ප්‍රචාරක මාවතේ ඉදිරියෙන් සිටි Milei මහතා ජයග්‍රහණය කළේය.

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු බ්‍රසීල නායක ජායිර් බොල්සොනාරෝට සමාන වූ මිනිසෙක් ලෙස Javier Milei හදුන්වනු ලැබේ.



එක්සත් ජනපද ඩොලරය රටේ නිල මුදල් ඒකකය ලෙස හඳුන්වා දෙන බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් බොහෝ ආර්ථික විද්‍යාඥයන් පැවසුවේ , එය මූල්‍ය ව්‍යසනයක් විය හැකි බවයි. එහෙත්  Milei  මහතාගේ ආධාරකරුවන් එම ප්‍රකාශය පිළිබදව තම කැමැත්ත පළ කර  සිටියේය.  

 වාර්ෂික උද්ධමනය 140% ඉක්මවා ඇති රටක් සහ මිනිසුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු දරිද්‍රතාවයේ ජීවත් වන රටක් වන ආර්ජන්ටිනාව සාම්ප්‍රදායික දේශපාලනයෙන් සහ ආර්ථික ව්‍යසනයෙන් පෝෂණය වී ඇති බව ඔහුගේ ජයග්‍රහණය තුළින් සනාථ කරයි.

ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් මහතා , Milei  මහතාට ජනාධිපති ලෙස තේරී පත්වීමට "සහ ආර්ජන්ටිනාවේ ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා" සුබ පැතුවේය.

"නව රජයට මම සුභ පතනවා සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. ආර්ජන්ටිනාව විශිෂ්ට රටක් වනු දැකීමට අපි සියලු දෙනා බලාපොරොත්තු වෙමු. "යැයි පවසමින් බ්‍රසීලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva ඇතුළු දකුණු ඇමරිකානු නායකයින්  Milei මහතාගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා ඇත:

කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පැවසුවේ මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධව "ලතින් ඇමරිකාව කණගාටුද" වන බවයි.

එහෙත් චිලී ජනපදයේ ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් පැවසුවේ Milei මහතාට "ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සහ Sergio Massaගේ ෙපරාජයේ වටිනා පිළිගැනීම සම්බන්ධයෙන්" තමා ආචාර කරන බවයි.