mexico-lgbtq-magestrate-death

මෙක්සිකෝවේ ප්‍රථම LGBTQ+ ක්‍රියාකාරි මහේස්ත්‍රාත්වරයෙකු  Jesús Ociel Baena , එරට මධ්‍යම ප්‍රාන්තයේ Aguascalientes හි නිවසක මියගොස් සිටියදී සොයාගෙන ඇත.

"අපි තවම දන්නේ නැහැ ... එය මිනීමැරුමක්ද නැතහොත් කිසියම් අනතුරක් දැයි කියා " යනුවෙන් මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍ය රෝසා ඉසෙලා රොඩ්‍රිගස් පැවසුවාය. වැඩි දුරටත් අදහස් දැක් වු ඇය පැවසුවේ , මරණයට හේතුව බලධාරීන් විමර්ශනය කරමින් සිටින බවයි.

නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින්  Baena  ගේ මරණය , LGBTQ+ ලිංග අනන්‍යතාවයට සම්බන්ධ සිදුවීමක් දැයි සෙවීමට පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙක්සිකානු බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

LGBTQ+ හිමිකම් කණ්ඩායමේ අධ්‍යක්ෂ Alejandro Brito පැවසුවේ සමාජ මාධ්‍යවල Baena ගේ කැපී පෙනීම , ඉලක්කයක් බවට පත් වීමට හේතුවක් වූ බවත්, එම නිසා විමර්ශනයේදී එම සන්දර්භය සැලකිල්ලට ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

"Baena යනු බොහෝ වෛරී පණිවිඩ, ප්‍රචණ්ඩත්වය සහ මරණ තර්ජන ලැබූ පුද්ගලයෙකි. මෙම විමර්ශනවලදී එය නොසලකා හැරිය නොහැක," යැයි  Brito පැවසීය.

මෙක්සිකෝව යනු සුලුතරයක් වන LGBTQ+ ප්‍රජාවන්,  ප්‍රචණ්ඩ ලෙස ඉලක්ක කර ගන්නා රටකි.  එම නිසාම රටතුළ සිටි කැපී පෙනෙන  LGBTQ+ ක්‍රියාකාරීවරයෙකු වූ  Baena ට නිරන්තරව මරණ තර්ජන ලැබී තිබුණි.

X හි (Twitter) පළ කරන ලද ඡායාරූපයකට අනුව, 2022 ඔක්තෝම්බර් මාසයේදී LGBTQ+ ධජය ඉදිරිපිට Aguascalientes ප්‍රාන්ත මැතිවරණ විනිශ්චය සභාවෙහි මහේස්ත්‍රාත්වරයෙකු ලෙස Baenaගේ  දිවුරුම් දීම ඉතිහාසගත විය.

Aguascalientes ප්‍රාන්ත අභිචෝදක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Baena ගේ සහකරු ලෙස හදුන්වන තවත් පුද්ගලයෙකුගේ  සිරුරක් සමඟ බේනාගේ සිරුර සොයා ගත් බවයි.

මූලික සොයාගැනීම්වලින් එම ස්ථානයේ තුන්වැනි පාර්ශ්වයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොපෙන්වන අතර , එම මරණ “පුද්ගලික කාරණයක්” මත සිදු වූවක් විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ. මරණයට හේතුව තීරණය කිරීම සඳහා බලධාරීන් අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයක් සිදු කරමින් සිටින බව එම කාර්යාලය පවසයි.

Baena විසින් දිගු සායකින් සැරසී උසාවි කාර්යාලයට යෑම සහා  දේදුනු  පැහැති LGBTQ ධජය ඔසවාගෙන සිය දහස් ගණන් අනුගාමිකයින් සමඟ වේදිකාවල පෙනී සිටින ඡායාරූපයන් සහ වීඩියෝ සමාජ මාධ්‍යවල දිනපතා ප්‍රකාශයට පත් කර තිබේ.

Baena  ජුනි මාසයේදී X හි පළ කළ ලිපියක සදහන් වූයේ “මම ද්විමය නොවන පුද්ගලයෙක්. මම කාන්තාවක් හෝ පිරිමියෙකු ලෙස දැකීමට උනන්දු වෙන්නේ නැහැ. මෙය අනන්‍යතාවයක්. එය මගේ., මේ මන් මිස වෙන කිසිවෙකු නොවේ ” යනුවෙනි.

Baena  ගේ මරණයට සති කිහිපයකට පෙර, මැතිවරණ උසාවිය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ මධ්‍යස්ථ සර්වනාම සහිත “ maestre ” ලෙස පිළිගන්නා සහතිකයක් ඔහුට ඉදිරිපත් කරන ලදී .

මෑත දශක කිහිපය තුළ මෙක්සිකෝව LGBTQ+ විරෝධී ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන ඇති බව Brito පවසයි.

  2019 වසරේ දී එරට තුළ සැලකිය යුතු ප්‍රචණ්ඩත්වයක් වර්ධනය වූ අතර, එම නිසා සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගික යන පුද්ගලයින් 117 ක් පමණ ඝාතනය කරන ලදී.

Brito පැවසුවේ Baena  ගේ මරණයත් සමග LGBTQ + ප්‍රජාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා නැවතත් ඇතිවිය හැකි යැයි බියකින් තමා පසුවන බවයි.

Baena ට ගෞරවයක් වශයෙන්, LGBTQ+ ක්‍රියාකාරීන් සඳුදා රාත්‍රියේ Aguascalientes මෙන්ම Mexico City, Monterrey සහ අනෙකුත් ප්‍රධාන නගරවල පෙළපාලි සැලසුම් කර තිබේ.

මෙක්සිකෝවේ ශ්‍රේෂ්ඨාධිකරනයේ හිටපු අගවිනිසුරු අර්තුරෝ සල්ඩිවර් පැවසුවේ Baena ගේ මරණය ගැන තමා දැඩි ලෙස ශෝක වන බවයි.