iceland-braces-volcanic-eruption-prime-minister-reassures-residents

අයිස්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා ජාතියට සහතිකයක් දීමට උත්සාහ කර ඇත්තේ එය ගිනිකඳු පිපිරීමක් සහ රෙයික්ජාන්ස් අර්ධද්වීපය දිගින් දිගටම භූමිකම්පා සිය ගණනකින් පීඩා විඳිමින් සිටින බැවිනි.

සඳුදා මධ්‍යම රාත්‍රිය වන විට, නිරිතදිග අයිස්ලන්තයේ  Reykjanes අර්ධද්වීපයේ ඇති Sundhnúkur සහ Grindavik  ආසන්නයේ අඛණ්ඩව සිදුවෙමින් පවතින භූ කම්පන ක්‍රියාකාරකම් මාලාවක් වාර්ථා වන ලදී.  අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය විසින් මෙම කලාපය ආශ්‍රිතව භූමිකම්පා 900ක් පමණ අනාවරණය කරගෙන ඇති අතර,  පසුගිය දිනවල අර්ධද්වීපයට යටින් මැග්මා උමං මාර්ගයක් ද නිර්මාණය වී මුහුදට විහිදෙන බව සොයා ගෙන ඇත.



එය පැමිණෙන්නේ දින කිහිපයක් ඇතුළත Fagradalsfjall ගිනි කන්ද පුපුරා යාමේ සැලකිය යුතු සම්භාවිතාව පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෑත දිනවල භූමිකම්පා දහස් ගණනක් වාර්තා වීමෙන් පසුවය.

ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරන යුරේසියානු සහ උතුරු ඇමරිකානු භූ තැටි අතර පිහිටා ඇති අයිස්ලන්තය යනු  භූ කම්පන සහ ගිනිකඳු ක්‍රියාකාරකම් සඳහා නිතර ගොදුරු වන උණුසුම් කලාපයකි.

භූමිකම්පා ක්‍රියාකාරකම්වල ප්‍රමාණය හා තීව්‍රතාවය අඩුවෙමින් පැවතියද, හදිසි තත්වයක් රට තුළ පවතින බැවින් ගිනිකඳු උවදුරු තක්සේරුව නොවෙනස්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ධීවර නගරයක් වන Reykjavik හී පදිංචිකරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය සහ බඩු බාහිරාදිය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාමට කෙටි කලකට අවසර දී ඇති බැවින් කිලෝමීටර කිහිපයක් දිග විශාල පෝලිම් නගරය තුළ නිර්මාණය වී තිබේ .

4,000 කට ආසන්න ජනගහනයක් සිටින නගරය දැනටමත් විශාල ඉරිතැලීම් ඇතුළු ඛේදනීය හානියකට ගොදුරු වී ඇත.

අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ දී අගමැති Katrín Jakobsdóttir පැවසුවේ , සිකුරාදා දිනයේ දී ජනතාව නගරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය  “ජනතාවගේ ආරක්ෂාව මනසේ තබාගෙන” ගත් තීරණයක් බවයි.   “ කෙටි දැනුම්දීමකින් තම නිවෙස්වලින් පිටව යන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටීම විශාල තීරණයක්. මෙම අවිනිශ්චිතභාවය ජනතාව මත කොතරම් බරක් පටවනවාද යන්න අපට හැඟෙනවා. නිවැසියන්ට ගොඩනැගිල්ලේ ඇති වඩාත්ම අවශ්‍ය අයිතම ලබා ගත හැකි වන පරිදි අවකාශයක් නිර්මාණය කිරීමට අපි උත්සාහ කරනවා. නමුත් සෑම විටම ප්‍රම්ඛස්ථානයක් දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙනුයි.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඉදිරියේදී ඇති විය හැකි ස්වභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා අර්ධද්වීපයේ වැදගත් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම පිළිබඳ පනත් කෙටුම්පතක් වෙනුවෙන් පෙනී සිටින ඇය පැවසුවේ, “අවදානම් හෝ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පියවර ගැනීමට සිවිල් ආරක්ෂක පනතේ පුළුල් බලතල ඇතිමුත් පූර්ව අවධීන්හිදී වැළැක්වීමේ පියවර ගැනීමට ඇති ඉඩකඩ අඩු බවයි."



කාර්යාල ප්‍රකාශකයෙකු පැවසුවේ, හදිසි තත්වයන් පිළිබඳ දැනුම්දීම සඳහා සියලුම අධීක්ෂණ පද්ධති යාවත් කාලීන කරමින් සිටින බවත්,  විශේෂයෙන් Grindavik අසල සමීපව නිරීක්ෂණය කරන බවත්ය.

පසුගිය වසර තුන තුළ, Fagradalsfjall ගිනිකන්ද අසල ඇති  Reykjanes අර්ධද්වීපයේ පිපිරීම් තුනක් සිදු වී ඇති අතර, ඒවායින් ආසන්නතම පිපිරීම් 2023 ජූලි මාසයේදී සිදු විය. නමුත් මීට පෙර සිදු වූ සියලුම පිපිරීම් යටිතල පහසුකම් හෝ ජනාකීර්ණ ප්‍රදේශවලින් බැහැර විය. පළමු පිපිරීමට පෙර එනම් 2021 වසරට පෙර  Reykjanes  අර්ධද්වීපය සියවස් අටක් මුළුල්ලේ නිද්‍රාශීලීව පැවතුනි.