
මාරවිල මුහුදු තීරයේ දී බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන්ව සිටි ජපන් ජාතිකයෙකු ඇතුළු සිව් දෙනා ගැන සෝදිසි මෙහෙයුම් යන අතරවාරයේ ඔවුන් හමුව ඇතැයි වාර්තාවේ.
මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන් ඊයේ (18) සවස බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගිය අතර බෝට්ටුව දිය සුළියකට හසුවී පෙරලී යාමෙන් මෙම අතුරුදන්වීම සිදුවිය.
අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දී තිබුණි.
ඒ අනුව ප්‍ර දේශයට ළඟා වූ තවත් බෝට්ටුවක් සෝදිසි මෙහෙයුම් සිදු කර එක් අයෙකු බේරාගත්තත් අනෙක් හතරදෙනා අතුරුදන්වී තිබුණි.
නාවික හමුදාවේ සහාය ඇති ව පුළුල් මෙහෙයුමක් දියත් කිරීමට මාරවිල පොලීසිය කටයුතු කර අතුරුදන්ව සිටි ජපන් ජාතිකයා ඇතුළු සිව් දෙනා බේරා ගැණුනු බවත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැති බවත් පොලිසිය පවසයි.
ධිවර කටයුතුවල යෙදී සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval