
ජපන් ජාතික කාන්තාවක කොල්ලුපිටිය හෝටලයක් තුළදී දූෂණය කළ බව කියන සංචාරක මගපෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
29 හැවිරිදි ජපන් ජාතික කාන්තාව පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊමේල් පණිවුඩය මගින් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ලද පැමිණිල්ල වී.පී.එන්. පණිවිඩයක් මගින් කොල්ලුපිටිය පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත.
එම කාන්තාව කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැගෙන ගොස් දූෂණය කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කඩවත පහර කරගාමුල්ල පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval