
ඉන්දියාවේ මුම්බායිහි අද (15) පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයෙන් නවසීලන්තය පරදා ඉන්දියාව ජයගත් අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුළු 4 ට 397 ක විශාල ලකුනු ගණනක් රැස් කළ අතර දෙවැනිව පන්දුවට පහරදුන් නවසීලන්තය සියල්ල දැවි ලබාගත්තේ ඕවර 48.5 දී ලකුණු 327 ක් පමණි.
ඉන්දියාවේ කෝලි හා ශ්‍රියාස් ලයර් දෙන්නා 117 හා 105 ලෙස ශතක රැස් කළ අතර ෂබ්මන් ගිල් 80 ක් ලබාගත්තේය.
නවසීලන්තයේ ප්‍රහාරය දියත් කළ ඩැරිල් මිචෙල් ලකුණු 134 ක විශාල ඉනිමක් ක්‍රීඩා කර එක් අවස්ථාවක ඉන්දියාවට අභියෝගයක් වන ලෙස ලකුණු රැස් කරමින් සිටි නමුත් ඔහුගේ පිතිකරණයට සහය ලබාදීමට තවත් අයෙකුට නිසි පරිදි නොහැකි විය.
අද තරගයේදී මොහොමඩ් සාමි කඩුලු 7 ක් ලබාගත්තේය.
පිට පිට කඩුළු වැටීම නිසා අවසන් පන්දු වාර කිහිපයේ යලි සටනට අවතීර්ණවූ ඉන්දියාව ජයග්‍රහණය කරා ගියේය.
ලෝක කුසලාන මීළඟ අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රෙලියාව අතර පවතින අතර ඉන් ජයගන්නා කන්ඩායම ඉන්දියාව සමග අවසන් තරගයට මුහුණදෙනු ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval