
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අතිවිශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණියත්, ඔවුන් තීරණාත්මක තරගය ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය විය.
මෙය එරට ක්‍රීඩාලෝලීන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූවක් වන අතර, ඒ හේතුවෙන් එම පරාජය දරාගත නොහැකි වූ ඉන්දීය ක්‍රීඩාලෝලීන් තිදෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මියගිය පුද්ගලයන්ගෙන් දෙදෙනෙකුම මිය ගොස් ඇත්තේ, සියදිවි හානි කර ගැනීමෙනි. බටහිර බෙංගාලයේ ක්‍රීඩාලෝලියෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු අවසන් තරගය පැවති දින රාත්‍රී 11.00 ට සිය කාමරයේ ගෙල වැළලාගෙන ඇත.
මේ වනවිට ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇත.
මිය ගිය අනෙක් ක්‍රීඩාලෝලීන් දෙදෙනා ඔෂාහි ජපූර්හි පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන්ද එක් අයෙකු මියගොස් ඇත්තේ, ගෙල වැළලාගෙනය. ඔහුද 23 හැවිරිදි තරුණයෙකු බවට වාර්තා වේ.එමෙන්ම මියගොස් ඇති අනෙක් පුද්ගලයාගේ මරණයට හේතු වී ඇත්තේ, ඔහුට ඇති වූ කම්පනයක් බවද සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval