
ස්වයංක්‍රීය ගිනි අවි ජීව උණ්ඩ සහ හෙරොයින් ළඟ තබාගෙන මීගමුව සංචාරක පුරයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඩුබායිහි සැඟවී සිටින හීනටියන මහේෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයා බව කියන මොහොඩ් නව්ෂාඩ් අජානි (25) නමැති සැකකරු නොවැම්බර් මස 23 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා 13දා නියෝග කළෙය.
නව්ෂාඩ් නමැති සැකකරු කිසියම් අපරාධයක් කිරීමේ අරමුණෙන් ආයුධ රැගෙන මීගමුව කුඩාපාඩුව සංචාරක පුරයේ ලැගුම්හලක සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායටත් තොරතුරු අනුව සංචාරක පුරයේ ලැගුම්හල වටලා ස්වයංක්‍රීය ගිනි අවි එම උණ්ඩ සහ හෙරොයින් ග්‍රෑම් 7 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත ඔහු නොවැම්බර් (13දා) දක්වා මීගමුව පොලිසියේ රඳවා විමර්ශන කටයුතු සිදු කළහ. සැකකරු ළඟ තිබී ටී. 56 ස‍්වයංක්‍රීය ගිනි අවියක්, පිස්තෝල දෙකක් සහ ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 99 ක්, ටී. 56 මැගසින් දෙකක්,
හෙරොයින් ග්‍රෑම් 7 ක් සහ ව්‍යාජ ලෙස සැකසූ වාහන අංක තහඩු දෙකක් සමඟ සැකකරු විශේෂ කාරය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රඳවා ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සිදු කළ අපරාධවලට සහය දුන් බව කියන කාන්තාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර එම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව අධිකරණයට වාර්තා කර ඇත. මෙහි විමර්ශන කටයුතු මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ අධීක්‍ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප්, පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ සැරයන්වරුන් වන (68410) නිරෝෂණ (102216) යන නිලධාරීන් පරීක්ෂණ සිදු කරති.
මීගමුව විමල් කීරිති
Comments
Post a Comment
Your comment will be visible after approval