
රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් ( Capsules )16 ක් රැගෙන පැමිණි අයෙකු පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාර්න් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ගුවන් මගියා පැමිණි ගුවන් යානය තුළට ගොස් ඊයේ (16දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ - 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහු එදින අලුයම 01.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 423යි මිලි ග්‍රෑම් 9ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවාගෙන තිබිණි. මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා යොමු කර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ . මෙම වාර්තා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට ලැබෙන තෙක් මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.
කටුනායක -ටී.කේ.ජී.කපිල

Comments
Post a Comment
Your comment will be visible after approval