
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තාට නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර එය ඔහු අතට පත්කිරීමට නේපාලයට රැගෙන ගිය බව කියන රැකියා ඒජන්සිකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් මස 4දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මගමුව වැඩබලන මහේස්ත්‍රාත් සියන් තිසේරා මහතා ඊයේ (20දා) නියෝග කළේය.
කොළඹ 03 හා වැලිගම්පිටියේ පදිංචිකරුවෝ දෙදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ගනේමුල්ල සංජීව නැමැත්තා සැප්තැම්බර් මස 13 දින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රීලන්කන් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබූ අතර එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා අපරාධ කොට්ඨාසයට බාරදී තිබිණ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු අනුව ලංකාවට ඒමට ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කර ලබා දුන් බව කියන සැකකරුවන් තිදෙනා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණ.
සැකකරුවන් වෙනුවෙන් ඉන්දික සිල්වා සහ යසස් ප්‍රවීන් සොවිස් යන ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පෙනී සිටි අතර පැලියගොඩ අපරාධ කොට්ඨාසය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙය විය. නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 4 වැනිදාට කල් තැබිණ.
මීගමුව - බර්ටි වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval