tesla-suing-swedens-transport-agency-in-escalation-of-strike-row-licence-plates

වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ස්වීඩනය සිය නව වාහන බලපත්‍ර තහඩු ලබා නොගැනීම නිසා ඇමරිකානු ටෙස්ලා සමාගම ස්වීඩන් ප්‍රවාහන ඒජන්සියට එරෙහිව නඩු පවරා තිබේ.

මෙම නඩුව, සාමූහික කේවල් කිරීමේ අයිතීන් ඉල්ලා සති පහක් තිස්සේ වැඩවර්ජනයක යෙදී සිටින ස්වීඩන් ටෙස්ලා කම්කරුවන් නියෝජනය කරන මෝටර් රථ සමාගම සහ වෘත්තීය සමිතිය අතර ආරම්භ වූ ගැටුම උත්සන්න වීමට හේතු වී තිබේ.

ස්වීඩන් කර්මාන්තයේ සාමාජිකයින් 300,000කට වැඩි සංඛ්‍යාවක් සිටින IF Metall විසින් කැඳවන ලද මෙම වැඩවර්ජනය, අනෙකුත් තැපැල් සේවකයින්, නැව් තටාක සේවකයින්, විදුලි කාර්මිකයන් සහ පින්තාරු කරන්නන් නියෝජනය කරන වෘත්තීය සමිතීන් හී කාර්මික ක්‍රියාමාර්ගවලටද පැතිර ගොස් ඇත.

බ්‍රහස්පතින්දා ටෙස්ලා හි ප්‍රධාන විධායක එලොන් මස්ක් විසින් නව ටෙස්ලා මෝටර් රථ බලපත්‍ර තහඩු ගෙන්වීම වළක්වන ලදී.

ස්වීඩන් මූල්‍ය පුවත්පතක් වන Dagens Industri වාර්ථා කරන ආකායට,  මෙම මෝටර් රථ නිෂ්පාදකයා Norrköping දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කරන ලද ලේඛනවල  “මෙම බලපත්‍ර තහඩු රාජසන්තක කිරීම ටෙස්ලාට එරෙහිව යොමු කරන ලද නීතියේ කිසිදු සහයෝගයක් නොමැතිව වෙනස් කොට සැලකීමේ ප්‍රහාරයක් වේ, ” යනුවෙන් සදහන් වෙයි.



ස්වීඩන් ප්‍රවාහන ඒජන්සියේ වාහන තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇනා බර්ග්‍රන්ඩ් පැවසුවේ,  ටෙස්ලා විසින් ඔවුන්ගේ සලකුණු නිෂ්පාදකයාගෙන් සෘජුවම බලපත්‍ර තහඩු එකතු කිරීමට දින හතක් ඇතුළත එකඟ වීමට දිස්ත්‍රික් උසාවියෙන් අතුරු තීන්දුවක් ලැබී ඇති නමුත් ඔවුන් එය පිළිගන්නේ ද යන්න පිළිබදව තවමත් තීරණය කර නොමැති බවයි.

නීත්‍යානුකූල ක්‍රියා පටිපාටි සිදු කරන අතරතුර නිෂ්පාදකයාගෙන් අංක තහඩු ලබා ගැනීමට ඉඩ දෙන ලෙස ටෙස්ලා විසින් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. ස්වීඩන් පුවත්පතක් වන Aftonbladet අනුව සඳුදා මෙම ඉල්ලීම ලබා දී ඇත. එනම් ටෙස්ලාට එහි බලපත්‍ර තහඩු නිෂ්පාදකයාගෙන් ලබා ගත හැකිය. ස්වීඩන් ප්‍රවාහන ඒජන්සිය දින හතක් ඇතුළත ඉල්ලීමට එකඟ නොවන්නේ නම්, ඔවුන්ට ක්‍රෝනර් මිලියනයක (පවුම් 76,000) දඩයක් නියම කෙරේ.



IF Metall හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Veli-Pekka Säikkälä  “නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරමින් ටෙස්ලා දිගු මාර්ගයක් තෝරාගෙන ඇති බව පැහැදිලියි. මෙම තත්ත්වය විසඳීමට සරල සහ ඉක්මන් ක්රමයක් පවතී. එ් තමයි සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම. ටෙස්ලා එය කළ වහාම මෙම ගැටුම අවසන් වේ. ශ්‍රම වෙලඳපොල ගැටුම්වලදී බලධාරීන් පක්ෂග්‍රාහී නොවිය යුතු බව ස්වීඩන් නීතියේ සඳහන් වේ. එම නිසා ස්වීඩන් ප්‍රවාහන ඒජන්සිය , පවතින ගැටුමේදී මධ්‍යස්ථව සිටිනු ඇතැයි අපි උපකල්පනය කරමු." යැයි පැවසුවේය.

වැටුප්, විශ්‍රාම වැටුප්, වැඩ කරන වේලාවන් සහ නිවාඩු දින ඇතුළු කොන්දේසි ආවරණය වන සාමූහික ගිවිසුම් සඳහා වන මෙම අරගලය , දශක ගනනාවක ගෝලීය කම්කරු පද්ධතීන්ගෙන් ස්වීඩනයේ වෘත්තීය සමිති ආකෘතිය බේරා ගැනීමේ විශාලතම උත්සාහය ලෙස නිරූපනය කෙරේ. මෙම අරගලය  ස්වීඩන් වෘත්තීය සමිති ජයග්‍රහණය කළ Toys R Us හි 1995 වැඩ වර්ජනවලට සමාන කර ඇත.

ටෙස්ලා වැඩ වර්ජනය ආරම්භයේ සිට ස්වීඩනයේ ගෝලීය ගෙවීම් සමාගමක් වන ක්ලාර්නා එහි ස්ටොක්හෝම් මූලස්ථානයේ සැලසුම් සහගත ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා කම්කරුවන් සමඟ සාමූහික ගිවිසුමක් අත්සන් කර ඇත.

නෝර්වේහි, නෝර්වීජියානු පුද්ගලික අංශයේ විශාලතම වෘත්තීය සමිතිය වන Fellesforbundet පවසා ඇත්තේ ස්වීඩන් ටෙස්ලාස් ,  රටට පැමිණීම අවහිර කරන බවයි.