
කිරිඳි ඔයට වැටී ගංවතුරෙන් ගසාගෙන ගිය වන අලි දෙදෙනකු වේල්ලක සිරවී දියේ ගිලී මිය ගොස් තිබේ. කුඩාඔය, තුලුල්ල ප්‍රදේශයේ ගම්වාසීන් විසින් ඊයේ මෙම මළ සිරුරු ගොඩගනු ලැබ තිබේ.
ප්‍රදේශවාසීන්ගේ තොරතුරක් මත එම ස්ථානයට පැමිණි වනජීවී සංරක්ෂණ නිලධාරීන් බැකෝ යන්ත‍්‍රයකින් මළ සිරුරු ඉවුර මතට ගෙන ගොස් තිබෙයි.
ඔවුන් පැවසුවේ එක් අලියෙකු අඩි හයක් උසැති අතර වයස අවුරුදු 30ක් පමණ වන බවත් අනෙකා අඩි හයක් උසැති වයස අවුරුදු 25ක් පමණ සතකු වන බවත්ය.
ප්‍රදේශවාසීන් පැවසුවේ වැලි ගොඩ දමන ස්ථානයකට සහ ගල් කොරියකට පැමිණීම සඳහා ව්‍යාපාරිකයෙකු විසින් ගඟ හරහා මෙම පාලම ඉදිකර ඇති බවයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ ශල්‍ය වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති, වැල්ලවාය රණගේ සංරක්‍ෂක නිශාන්ත ප්‍රේමලාල්, කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ටී.එම්.රියෝයාස් මහත්වරු පරීක්ෂණ පවත්වති.
Comments
Post a Comment
Your comment will be visible after approval