
ලංගම බස් රථයකට යොදා තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති ටයර් දෙකක් පෞද්ගලික බස්හිමියකුට අලෙවි කළ ලංගම රියැදුරකු අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයේ අලව්ව ඩිපෝවට අනියුක්තව සේවය කරන රියැදුරකි. අලව්ව ඩිපෝවේ බස් රථයකට යොදා තිබූ ටයර් දෙකක් පෞද්ගලික බස් රථයකට යොදා තිබෙන බවට ලංකා ගමනාගමන මණ්ඩලයේ ආරක්ෂක අංශයට තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව අලව්ව පොලිසිය ද දැනුවත් කර අලව්ව බස් නැවතුම්පොළේදී අදාළ බස් රථයේ ටයර් පරීක්ෂා කර ඇත. ලංගම බස් රථයකට යෙදූ ටයර් දෙකක් එයට යොදා තිබෙන බව එවිට හෙළිවී ඇත. පසුව බස් රථය එහි රියැදුරු සමග අලව්ව පොලිසියට රැගෙන ගොස් කළ විමර්ශනවලට අනුව ලංගම බස් රථයකින් ටයර් ගලවා අලෙවි කර ඇත්තේ සැකකාර ලංගම රියැදුරු බවට අනාවරණය වී තිබේ. සැකකාර රියැදුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඔහුගේ වැඩ තහනම් කිරීමට නියමිත බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
එෆ්. අස්ලම්
Comments
Post a Comment
Your comment will be visible after approval