
දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට මේ සතියේ කැදවෙති.ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ප්‍රමිති ආයතනය සහ සබරගමු විශ්වවිද්‍යාලය මේ සතියේ කෝප් කමිටුව හමුවට කැඳවෙන ආයතන වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ හෙට (7) දිනයේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට අනිද්දා (7) කැඳවා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන (08 වැනිදා) බ්‍රහස්පතින් දා දිනයේය. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) අනිද්දා (8) කැඳවීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (7) සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කෙරුණු පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත ලබන 10 වැනිදා සලකා බැලීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන සහ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීම ඉන් අනතුරුව සිදු කෙරේ.
අංජුල මහික වීරරත්න