
ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවට ගිය 50 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකු චෙන්නායිහිදී කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කප්පම් ඉල්ලීමේ අරමුණකින් පැහැරගැනීම සිදුකර ඇති නමුත්
ඉන්දීය පොලිසිය ඔහු බේරාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
පැහැරගත් අය අනා නගර බටහිර පදිංචි කේ.චිත්‍රා (43) සහ රියාස් අස්කාර් (47) සහ බටහිර කලයිඤ්ඤර් කරුණානිති නගර්හි ජී. වෙල්මුරුගන් (41) සහ කේ.දිනේෂ් (31) ලෙස හඳුනාගෙන ඇත.
පැහැරගැනීමට ලක්වූ මොහොමඩ් ෂියාම් නැමැත්තා මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ චෙන්නායි හි උතුරු ප්‍රදේශයේ මන්නාඩි ප්‍රදේශයේ Parry's Corner හි රැඳී සිට ඇත.
චෙන්නායි නගර පොලිසියේ පාලක මැදිරියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ තමන් ෂියාම්ගේ දියණිය ලෙස හඳුන්වා ගත් කාන්තාවකගෙනි. බදාදා (නොවැ.15) තම පියා පැහැරගෙන ගිය බව කියන පුද්ගලයකුගෙන් තමාට ඇමතුමක් ලැබුණු බවත් ඔහු මුදා හැරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 1.5 ක කප්පමක් ඉල්ලා සිටි බවත් ඇය පොලිසියට පැවසුවාය.
බ්‍රහස්පතින්දා (නොවැ.16) බී 1 නෝර්ත් බීච් පොලිස් ස්ථානය කප්පම් ඇමතුම ලබා දුන් දුරකථන අංකය සොයා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමේදී ෂියාම් බේරාගෙන ඇත.
ශ්‍යාම්ට ණය වී සිටි චිත්‍රා සහ ඇගේ පෙම්වතා ඇතුළු තවත් සගයන් එක්ව ශ්‍රී ලාංකිකයා මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval