
මුදල් අමාත්‍යාංශයේ මහජන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ එම්. චම්පා බාලසූරිය හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත.
ඇය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රේමසිරි බාලසූරිය ගේ ආදරණීය බිරිඳ වන අතර රාජිනි බාලසූරිය (25) සහ නිලසි බාලසූරිය (21) ගේ මව වේ.
1968 නොවැම්බර් 17 වැනි දින උපත ලද චම්පා බාලසූරිය, පානදුර බාලිකා මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඇය, කළමනාකරණ අධ්‍යයනය සහ වාණිජ්‍යය පිළිබඳ උපාධිධාරියෙකි.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද ලබා ඇති අතර වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරියක් ද විය.
ඇය ගණකාධිකාරීවරියක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට ද ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
චම්පා බාලසූරිය ගේ දේහය මේ වන විට වාද්දුව, මාවල දකුණ, අංක 277 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු නොවැම්බර් 18 වැනිදා සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.

Comments
Post a Comment
Your comment will be visible after approval