
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තෙවෙනි වතාවටත් ලබා දුන් සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට යළි ජනාධිපති විසින් සිව්වන වතාවටත් සේවා දිගුවක් ලබා දී තිබේ.
මීට පෙර මාස තුන බැගින් දෙවතාවක්ද සති තුනක සේවා දිගුවක්ද පොලිස්පතිවරයා වෙත ලබා දී තිබිණි. අවසන් වරට ලබා දුන් සති තුනක සේවා දිගුව සම්බන්ධයෙන්,
ව්‍යවස්ථාමය කරුනු මත මතභේදාත්මක තත්වයක්ද රට තුළ වර්දනව විය. පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිගේ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් අනුමත නොකරණ තත්වයක් තුළ ජනාධිපතිට ඒ සඳහා හිටපු පොලිස්පතිටම සේවා දිගුවක් ලබා දිය හැක්කේ සති දෙකක කාලයක් සඳහා පමණක් බවත් තර්ක මතුවිය.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෙවෙනි වතාවට ලබාදුන් සති තුනේ සේවා දිගුව ඊයේ (02) දිනයෙන් අවසන් වූ අතර අද (03) සිටි යළිත් පොලිස්පත සී.ඩී වික්‍රමරත්නටම සිව්වන වතාවටත් සේවා දිගුවක් ලබා දී ඇත.
මෙසේ ලබාදී ඇති සේවා දිගුව කොපමණ කාලයකට වලංගු වන්නේ දැයි මෙතෙක් වාර්තා වී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval