
විශ්ව රූ රැජින තරගයට වියට්නාම්ය නියෝජනය කළ එරට රූ රැජිණක වූ ආචාර්ය එළිසබෙත් මහත්මිය, එළිසබෙත් සුජාතා භික්ඛුනී නමින් පැවිදි දිවියට එළැඹ වසර 15ක් සපිරීම නිමිත්තෙන් ප්‍රථම වරට ලංකාවට වැඩම කර ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය පෙරේදා (27) වැද පුදා ගත්තාය. පැවිදි දිවියට එළඹීමට පෙර ඇය වියට්නාමයේ රූ රැජින ලෙස කිරුළු දරා ඇති අතර, ඇය විශ්ව රූ රැජින තරගයට ද සිය රට නියෝජනය කළාය.
අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර තිබේ.සුජාතා භික්ඛුනී මෙහෙණිය සිය පැවිදි දිවියට වසර 15ක් ගත වීම නිමිත්තෙන් ලංකාවට වැඩම කර ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙණිය ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම හා මිහින්තලා පුදබිමේ වන්දනාමාන කටයුතුවල නිරත වූවාය.එමෙන්ම වන්දනාකරුවන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණු අයුරු දක්නට ලැබිණි.

Comments
Post a Comment
Your comment will be visible after approval