
පලා යාමට උත්සාහ කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ජාඇල ප්‍රදේශයේදී ඇළට පැන අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර ගොඩගෙන තිබෙන බව වාර්තා විය.
පමුණුගම ප්‍රදේශයේ තිබී ඔහුගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
23 වනදා ගෙවල් බිඳීම, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ජාඇල පොලිසිය අසලින් ඇළට පැන තිබූ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇළට පැන්න පොලිස් නිලධාරියෙකු අතුරුදන් විය. .
ජා-ඇල පොලිස් ස්ථානයේ සේවයට අලුතින් එක් වූ සවගචේරි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන ක්‍රිෂ්ණමූර්ති ප්‍රදාපන් නැමැත්තා මෙලෙස මියගියේය.
ඉතා හොඳින් පිහිනන්නට දන්නා අයෙකු බව පැවසෙන කොස්තාපල්වරයාගේ මරණය කෙසේ සිදුවුනිද යන්න අවිනිශ්චිතය.
පරීක්ෂණ සිදුවෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval