
යතුරු පැදියක ගමන්ගත් 16 හැවිරිදි පාසල් සිසුවියක මාවතගම දළදාගම්මන කැබිලිතිගොඩවල පුරාණ විහාරස්ථානය අසල දී පසුගිය 2 වනදා සිදු වූ මාරක අනතුරකින් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
සිසුවිය මව විසින් පදවාගෙන යන ලද යතුරු පැදියේ පිටුපස අසුනේ සිටියදී මාර්ගය මැද එම යතුරු පැදිය පෙරළී තිබෙන අතර
පෙරළුණු යතුරු පැදිය විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මව සහ දියණිය දෙදෙනාම බරපතළ තුවාල ලබා තිබේ.
අවට සිටි අය දෙන්නාම රෝහල්ගත කළ අතර සිසු දියණිය මියගියාය.
යතුරු පැදිය පදවාගෙන ගිය සිසුවියගේ මව බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වන බව පොලිසිය සඳහන් කරයි.
මව සහ දියණිය කුරුණෑගල අතපත්තුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බව පැවසෙයි. මියගොස් ඇත්තේ හිමායා කරුණාරත්න නමැති සාමාන්‍ය පෙළ පන්තියේ පාසල් සිසුවියකි.

Comments
Post a Comment
Your comment will be visible after approval