
සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන වෛද්‍යවරයෙකු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා විසින් පුලියන්කුලම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සිය වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බවට ලද පැමිණිල්ලක් අනුව සැකකාර වෛද්‍යවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
අනුරාධපුර-දයාරත්න ඇඹෝගම
Comments
Post a Comment
Your comment will be visible after approval