
අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේදී මියගොස් සිටියදී හමුවී ඇත. වෛද්‍යවරයා ඔහු සේවය කරන වාට්ටුවට නියමිත පරිදි උදෑසන නොපැමිණීම නිසා වාට්ටුවේ සිටි අනෙක් පිරිස ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගත්තත්
දිගින් දිගටම ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හෙද නිලධාරිනියක ඔහු නැවතී සිටි පෞද්ගලික නිවසට රෝහල් සේවකයෙකු යවා පරීක්ෂාවක් කර තිබේ.
නිවසේ දොරවල් වසාගෙන තිබූ අතර පසුව දොර විවෘත කර බැලීමේදී වෛද්‍යවරයා ඇඳ මත නිදා සිටින ආකාරය දැක ඇති අතර ඒ් වනවිටත් මියගොස් තිබේ. අම්පාර රෝහලේ ගිලන් රථයකින් සිරුර රෝහල වෙත රැගෙන යාමට කටයුුතු කර තිබූ අතර රෝහල් පරීක්ෂාවේදී ඔහු මියගොස් සිට ඇති බවද වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval