
ඊයේ (11) සවස් කාලයේ මහනුවර ගලහ පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේදී දරුවෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්වූ බව වාර්තාවේ.
දියේ ගිලී අතුරුදහන් වූ දරුවා වයස අවුරුදු 10 ක් වූ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අතුරුදහන් වූ දරුවා පාසල් නිමවී පාසලේ පැවති 05 වසර ශිෂ්‍යත්ව අමතර පංතියකට සහභාගී වී නැවත නිවස බලා පයින් පැමිණෙමින් සිටියදී ජල පහරකට හසුවී ලිට්ල් වැලි ඇල මාර්ගයට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති බවට විමර්ශනයේදී ආනාවරණය වී ඇත.
පොලිස් ජල කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිව දියේ ගිලී අතුරුදහන්වූ දරුවා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි. ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval