
අද (24) බත්තරමුල්ල පැලවත්තේ පැවති ගුරු විරෝධතාවය අතරතුර දී රබර් උණ්ඩයක් වැදීමෙන් එම උද්ඝෝෂණයට සහභාගී වූ ගුරුවරයෙක් රෝහල්ගත කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ගුරු විදුහල්පති අයිතීන් සුරැකීම,
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ලබා ගැනීම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම යන ඉල්ලීම් මූලික කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
එහිදී විරෝධතාවයේ නිරත ගුරුවරුන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබු අතර එම ප්‍රහාරය උද්ඝෝෂණය අරඹා ටික වේලාවකින් සිදුකිරීම විශේෂිතය.
පසුව ගුරුවරුන් එම ස්ථානයෙන් විසිර නොගිය බැවින් විරෝධතාකරුවන්ට පොලීසිය රබර් උණ්ඩ ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval