
ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටා තිබෙන ‘සී වර්ල්ඩ් සැන් ඩියාගෝ‘ තේමා උද්‍යානයේ උපත ලබා ඇති නව emperor penguin පැටවා නම් කිරීමට මහජනතාවට අවස්ථාවක් දී ඇත. දශකයකට වැඩි කාලයක් උද්‍යානයේ පැටවුන් බිහි වූ නමුත් නම් තැබීමට අවස්ථාව හිමිවන පළමු අවස්ථාව මෙය බව කියැවේ.
තවමත් නම් නොකළ ගැහැණු පැටවා සැප්තැම්බර් 12 වන දින උපත ලැබූ බව සී වර්ල්ඩ් සැන් ඩියාගෝ විසින් ඔක්තෝබර් 25 බදාදා නිවේදනය කළේය.
2010 වසරේ සිට සී වර්ල්ඩ් සැන් ඩියාගෝ හි උපත ලැබූ පළමු emperor වර්ගයේ පෙන්ගුයින් පැටවා ඇයයි.
ඇන්ටාක්ටික් අයිස් දිය වීම හේතුවෙන් මෙම emperor විශේෂය "තර්ජනයට" ලක් වූ සත්ව කොට්ඨාශයක් ලෙස සැලකේ .
බිත්තරයෙන් පැටවා පැමිණි විට, පෙන්ගුයින් පැටවාට විකෘති හොටක් ඇති බවත්, ඌට තනිවම පැටවුන් බිහි කිරීමට නොහැකි බවත් සොයා ගන්නා ලදී. එම නිසා පැටවා එළියට ගැනීමට සී වර්ල්ඩ් හි කම්කරුවන්ට දින තුනක සූක්ෂම කාලයක් ගත කිරීමට සිදු විය.
පැටවාගේ නම සඳහා ඇති තේරීම් තුන වන්නේ "පර්ල්", "පැන්ඩෝරා" සහ "ඇස්ට්‍රිඩ්" බව දන්වා ඇත.
පෙන්ගුයින් ගේ නම නොවැම්බර් 1 දා ප්‍රකාශයට පත් කෙරේ.

Comments
Post a Comment
Your comment will be visible after approval