
දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනකු වන කරන්දෙනියේ සුද්දා සහ පොඩි ලැසී අත්අඩංගුවට ගනිමින් ඔවුන්ගේ කල්ලි අඩපණ කිරීමට කටයුතු කළ මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් වන බාලේන්ද්‍රසිහ මහතා ඊයේ (09) රාත්‍රියේ දී රත්ගම පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී ටී56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ සහෝදරයාට ද වෙඩි වැදී තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
බාලේන්ද්‍රසිහ මහතා යතුරුපැදියක නැඟී සිය නිවස වෙත පැමිණෙමින් සිටිය දී අසල නිවසක සිටි තම සහෝදරයා හමුවී නිවස අසල රැඳෙමින් කතා බහක නිරතව සිටිය දී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.
පොලිස් පරික්ෂක බාලේන්ද්‍රසිහ මහතා පොඩි ලැසී සහ කරන්දෙනියේ සුද්දා යන පාතාල අපරාධකරුවන් දෙදෙනාගෙන් දැඩිව ජීවිත තර්ජනයට ලක්ව සිටි නිලධාරියෙක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම පොලිස් නිලධාරියාට එරෙහිව පහරදීමක් සම්බන්ධයෙන් යම් චෝදනාවක් එල්ලවී ඇති බවත් එම පහරදීමට සම්බන්ධ මොහුට එරෙහිව ඇති සාක්ෂිකරුවකුට තර්ජනය කිරීමක් හේතුකොට ගෙන වැඩ තහනම්ව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval