
නිවස තුළ සිය දරුවාට කිරි දෙමින් සිටි තරුණ මවකගේ දරුවා උදුරාගෙන ප්‍රාණ ඇපයට ගනිමින් ඇයව සමූහ දූෂණයකට ලක් කළ නරුමයන් තුනදෙනක් ගැන නින්දිත කතාවක් පූගොඩින් වාර්තා වේ. පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ තම නිවසේ දී කුඩා දරුවාට කිරි දෙමින් සිටි මේ තරුණ මව සල්ලාල නරුමයන් විසින්
සමූහ දූෂණය කර ඇත්තේ තමන්ගේ අවශ්‍යතාවයට ඉඩ නොලැබුනහොත් කිරි දරුවා පොළොවේ ගසන බව තර්ජනය කිරීමෙනි.
නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනා ඇය දූෂණය කර ඇතැයි පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
මේ සම්බන්ධයෙන් අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගෙනඇත.23 හැවිරිදි වියේ පසුවන කාන්තාව සිය සැමියා නිවසින් පිටත්ව ගිය පසු අවුරුද්දයි මාස 4 ක් වයසැති සිය දියණියට කිරිදෙමින් සිට තිබෙන අවස්ථාවේ නිවසට ඇතුළු වූ මෙම තරුණයින් තිදෙනා දරුවා ඔවුන් භාරයට ගෙන මව බිය ගන්වා ඇයව අතවරයට ලක් කර ඇත.
සිද්ධියට මුහුණදුන් කාන්තාවගේ සැමියා සතිපොලවල භාණ්ඩ අලෙවිකරන්නෙකු වන අතර අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කොට තිබේ.
තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval