
තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී පෙරේදා (10දා) රාත්‍රියේ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දස හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තලාව ප්‍රාථමික විද්‍යාලයේ පස්වැනි වසරේ ඉගෙනුම ලබන, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. නිසල්‍යා නෙත්සරණි විමලසේන (10) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වීමට නියමිතව සිටින සිසුවියක බවටද අනාවරණය වී තිබේ.
බවුසරය කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබී ඇති බවත් එය තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ඒ අවස්ථාවේදී යතුරුපැදියේ ජීවිතක්ෂයට පත් සිසුවිය හා ඇගේ මව පැමිණ තිබෙන බවද පොලීසිය සඳහන් කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මවට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවද පොලීසිය සඳහන් කරයි.
බවුසර රථයේ රියැදුරා ඊයේ (11දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනතුරට පත් බවුසරය හා යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.
තලාව පොලීසියේ රථවාහන අංශය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
අනුරාධපුර -තිසර සමල්

Comments
Post a Comment
Your comment will be visible after approval