
කිරිගවයන් සොරකම් කිරීම් ඉහළ යමින් පැවතීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති අතර අදාළ සංශෝධන කඩිනමින් සිදු කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ අතර මෙරට තුළ ඉහළම කිරිගව සොරකම් වාර්තාවන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා ගත් එළදෙන ද පසුගිය සතියේදී සොරකම් කර මරා දමා ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
-නිදර්ශනී වික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval