
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කළ බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා තිබේ. අධිකවර්ෂාවත් සමග පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල්වල දරුවන් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට පාසලට පැමිණීමේදී පැනනැගිය හැකි දුෂ්කරතා සැලකිල්ලට ගෙන
මෙම තීරණය ගෙන ඇත.
ලබන සදුදා යළි පාසල් ආරම්භ කිරීමේ තත්වය පිලිබඳව ලබන සෙනසුරාදා රැස්වෙන දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval