
අල්ලා දෙවියන්ට අපහාස වන අයුරින් වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා සමාජ ගත කළ බව කියන පුද්ගලයකු කටුගස්තොට දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. සැකකරු ඒ සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත.
තම ආගමට අපහාස වන අයුරින් පුද්ගලයකු වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බවට මවුලවිවරුන් දෙදෙනකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval