
මියගිය කලාකරු ජැක්සන් ඇන්තනි දින 500 කට වඩා වැඩි කාලයක් රැඳී සිටි කොළඹ ජාතික රෝහලේ ඔහුගේ මරණය අද උදෑසන සිදුවූ ආකාරය පැහැදිලි කරමින් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කිරීමක් කර තිබේ.
ඔහු මෙසේ කීය.
“අද දිනය ඉතාමත් කණගාටු පුවතක් තමයි අපිට මාධ්‍යයට දන්වන්න තියෙන්නේ.
දිගු කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබපු ඒ සුප්‍රසිද්ධ. නළුවෙකු කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනි. මේ වන විට අභාවප්‍රාප්ත වී සිටිනවා.
ඔහුගේ රෝගී තත්වය පසුගිය දිනවල ක්‍රමානුකූලව නරක අතට හැරෙමින් තිබුනා. පෙනහළුවල සංකූලතා වැනි දේවල් සිද්ධ වෙමින් ඒ සංකූලතාවලින් තවදුරටත් වර්ධනයක් වුණා.කොපමණ ඔක්සිජන් සහ වෙනත් පහසුකම් ලබා දුන්නත්
තව දුරටත් එම ප්‍රතිකාර දරාගන්න හැකියාවක් තිබුණේ නෑ
ඒ අනුව අද උදෑසනට ළංවෙන්න ජීවිතයෙන් සමුගෙන තියෙනවා.
හදිසි අනතුරු තත්වයෙන් පස්සේ ඔහු දැඩි සත්කාර ඒකකයේ දිගින් දිගටම දින 500 රෝහලේ රැඳී සිටි ලා තියෙනවා.
අද්භූත දේවල් සිදු කළා කියල සමහර යූටියුබ් නාලිකා විව්ස් වැඩි කරගන්න කතා හැදුවා.
නමුත් සිදුවුණ එකම අද්භූත දේ ඔහුව බලාගෙන හිටපු වෛද්‍යවරු හොඳින් තම රාජකාරිය නොපිරිහෙළා ඉටුකිරීමයි.
කෘත්‍රීම ශ්වසන පද්ධතියට සවි කරලා තියන්න ඉන්දැද්දී ඇතිවන සාමාන්‍ය සංකූලතාවක් තමා මේ වෙලා තියෙන්නෙ. උපරිම ප්‍රතිකාරය අප ලබාදුන්නා. මීට වඩා ඔහුට රෝහල පැත්තෙන් යමක් කරන්න බැහැ.
මේ දිනවල තියනවය කියන වෛද්‍ය හෝ බෙහෙත් හිඟයක් මෙතැනට බලපාලා නැහැ.“
Comments
Post a Comment
Your comment will be visible after approval