
වාහන හැර අනෙක් සියලුම ආනයන සීමා කර තිබූ භාණ්ඩ ආනයන සීමා ඊයේ (09) සිට ඉවත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම පියවර ගනුලැබූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර ඇති අතර ඊට අනුව මෙතෙක් ආනයන සීමා කර තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval