
දේශීය වෙළෙඳපොළේ රත්රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.කැරට් 22 ක රන් පවුමක මිල ඊයේ (18) වනවිට රුපියල් 1,70,000 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබූ අතර, කැරට් 24 ක රන්පවුමක මිල රුපියල් 1,85,000 ක් පමණ වූ බව කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමියෝ පැවසූහ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා ඉකුත් සතියට සාපේක්‍ෂව මේ සතියේ රන් පවුමක මිල රුපියල් 10,000 කින් පමණ වැඩිවූ බවද ස්වර්ණාභරණ වෙළෙඳසල් හිමියෝ කීහ. ඊශ්‍රායල - පලස්තීන යුද්ධය හේතුවෙන් ඉදිරියේ දී රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුහු පැවසූහ.
රංජන් කස්තුරි
Comments
Post a Comment
Your comment will be visible after approval