
ගිරාදුරුකෝට්ට, උල්හිටිය ප්‍රදේශයේ නිවසකදී පියෙකු එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලැබූ මවක සහ අට හැවිරිදි කුඩා දරුවෙකු පෙරේදා (24දා) මහියංගණ රෝහලට ඇතුළත් කළ බව ගිරාදුරුකෝට්ට පොලීසිය සදහන් කරයි.
එම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක සහ ඇගේ 8 හැවිරිදි සිගිති පුතු මෙම සිද්ධියට මුහුණදී ඇති බවද පොලීසිය කීය.
සිද්ධියට මුහුණදුන් කාන්තාවගේ සැමියා සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට දිනකට පමණ ඉහතදී ඇප මත නිදහස් වී නිවසට පැමිණ ඇතැයි පොලීසිය පැවසීය.
ඇප ලබා දීමට බිරිඳ අධිකරණයට නොපැමිණි හෙයින් බිරිඳ සමග ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් අනතුරුව මෙසේ සිය බිරිඳට සහ සිගිති දරුවාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර සැකකරු පළා ගොස් ඇති බවත් පොලීසිය සදහන් කළේය.
සැකකරු කළුතර, පයාගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බවත්, ම
ොහු ප්‍රදේශයේ සිදු වූ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවද පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මොහු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය පවසා සිටියි. ගිරාදුරුකෝට්ට පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
-ඇල්ල - ප්‍රසාද් රුක්මල්
Comments
Post a Comment
Your comment will be visible after approval