
සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. මෙරටට ගෙන්වන ඩීසල්වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහනවල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බැවින් මෙම පියවර ගත් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් බවත් ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් විජේරත්න මහතා පැවසීය. ලංගම බස් රථ සහ රාජ්‍ය වාහනවල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නොමැති බවත් පෞද්ගලික බස්රථ සඳහා දුම් පරීක්ෂාව අනිවාර්ය කරන්නේ නම් ලංගම බස් රථ සඳහා ද එම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු කීවේය.යම් හෙයකින් ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස්රථ දුම් පරීක්ෂණවලට භාජනය කරන්නේ නම් ලංගම බස් රථ සඳහා ද එම නීතියම ක්‍රියාත්මක කර ගුණාත්මක භාවයකින් යුතු ඩීසල් දෙන ලෙසට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවද විජේරත්න මහතා තවදුරටත් කීවේය.
නිමල කොඩිතුවක්කු
Comments
Post a Comment
Your comment will be visible after approval