
රංගන ශිල්පිණී හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ රූපවාහිනී වැඩසටහනකට එක්වී ජැක්සන් ඇන්තනි ගැන මෙසේ පැවසුවාය.
“අලියගෙ සිද්ධිය වෙච්ච දවස්වල මං හීනයක් දැක්කා.
මට හෙට ෂූටිං එන්න වෙන් නැහැ.. කියල ජැක්සන් ඒ හීනෙදි කියනවා.
මං මේ සිංහබාහු චිත්‍රපටයටත් නැතිව ඒක පෙනුණා. මට හිතාගන්න බැහැ. මට එකපාරට ඇහැරුනා. මං පුදුම වුණා. පහුවදා උදේ දැනගත්තෙ එදා වෙච්ච ඇක්සිඩන්ට් එක. මං එදා උදේම ඉස්පිරිතාලෙ ගියා. මං එයාව බලන්න දෙවැනි පාර යද්දි එයාගෙ සිහිය නැහැ. මට හරියට දුක හිතුණා.
ජැක්සන් මහ සයුරක් වගේ කවදාවත් කියල හිතල නිමකරන්න බැරි සාගරයක්. අපි දෙන්නා ලොකු දුව චිත්‍රපටයෙදි තමා හුගක් ළගින් ඇසුරු කලේ. මං නිෂ්පාදනය කරපු එකක් වුණත් තිස්ස අබේසේකරගෙ කීමකට සුමිත්‍රා එයාව තොරගත්තෙ. ඒ කාලෙ ඔහු ඒක හරියට කරාවිද කියල සැකයක් ආවා.
හිතාගන්න බැරිතරම් දක්ෂ විදිහට කළා. විචාරකයො එයා ගැන අහන්න ගත්තා. විජය, ගාමිණී ජෝ වගේ මගේ හිතවතුන් නික්ම ගියා. ජැක්සන් මටත් කලින් යාම ගැන හරි දුකයි.
ජැක්සන් වගේ කෙනෙක් ආයෙ අපට දකගන්න බැරිවෙයි.“

Comments
Post a Comment
Your comment will be visible after approval