
පවත්නා අයහපත් කාලගුණ තත්වය නිසා මාතරට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්ද හෙට (09) සහ අනිද්දා ( 10) දෙදින වසා තැබිමට තිරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
මෙයට පෙර මාතර දිස්ත්‍රික්කයේ පාසල්ද වසා දැමිමට තිරණය කර තිබුණි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් සමග කරන ලද සාකච්ඡාවකදි මෙම තිරණය ගෙන තිබේ.
ඊයේ වනවිට බද්දේගම ප්‍රදේශයෙන් ගිංගඟ මහා ගංවතුර මට්ටමකට පැමිණ තිබු අතර මාරග රැසක්ද ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval