
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ. ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ.
මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙලෙස මියගිය ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහතාගේ
හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් තිබූ බව ද පොලිසිය කියා සිටී.
වෙඩි වැදී තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
කලුතර වාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් දෙවැනි වියේ පසු වු ඔහු දෙදරු පියකු වන අතර ඔහුගේ මරණය කවර හේතුවක් මත සිදුව ඇතිද යන්න තවම නිරාකරණය කරගෙන නැත.
මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්‍ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසුවේය.


Comments
Post a Comment
Your comment will be visible after approval