
දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලීසි ගණනාවකට අවශ්‍යව සිටි ‘ඩොල්පින් චන්දන’ නමැත්තා මාවතගමදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ රැසකින් වරෙන්තු හයක් නිකුත් කර ඇත. සැකකරු හෝමාගම වංචා විමර්ශන අංශය,කොළඹ අපරාධ කොට්ඨාසය,
ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය, තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය සහ කොළඹ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි තැනැත්තකු බව පොලීසිය කියයි.
සැකකරු කූට ලේඛන සකසමින්, වාහන වංචා රැසක් සිදු කර ඇති බව පොලීසිය කියයි. කූට ලේඛන සකසා වාහන වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර සිට පසුව අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් අනතුරුවඅධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙත්තු නිකුත් කර තිබූ අයකු බව ද පොලීසිය සඳහන් කළේය. සැකකරු පොල්ගම්විට පදිංචි,
වයස අවුරුදු 51 පුද්ගලයෙකි.කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බිමල් ශ්‍යාමන්
Comments
Post a Comment
Your comment will be visible after approval