
ලෝක ළමා දිනය සැමරීමෙන් අනතුරුව ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අසනීප වී වහාම රෝහල් ගත කළ සිසුවකු දින කිහිපයක් ඇල්පිටිය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) අලුයම මියගිය බව ඇල්පිටිය රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
මෙලෙස මියගොස් ඇත්තේ උඩුගම අධ්‍යාපන කලාපයට අයත් මාපලගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක 10 ශ්‍රේණියේ ඉගනුම ලබන කේ.ඒ. දිදුල සංදිප නමැති පාසල් සිසුවෙකි.
ළමා දිනය වෙනුවෙන් එදින පාසලේ ළමයි 800ට ආසන්න සංඛ්‍යාවකට බේකර් නිෂ්පාදන කෑම ලබාදී ඇති බව විදුහල් ආරංචි මාර්ග පවසයි.
මෙම දරුවා ද එම ආහාර ලබා ගත් බවත් පසුව අසනීප වී නියාගම රෝහලට ඇතුළත් කළ බවත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට මාරු කර යවා ඇති බවත් දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්පිටිය - ඩී.ජේ. විජේසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval