
රුපියල් කෝටි 23ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සූක්‍ෂ්ම ලෙස මෙරටට රැගෙන එමින් සිටි විදේශීය කාන්තාවක පෙරේදා (22දා) දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දුනීසියානු ජාතික 42 හැවිරිදි කාන්තාවකි. අදාළ කාන්තාව මෙරටට පැමිණ ඇත්තේ ප්‍රථම වරට බවත්,
ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක බවත් මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර, ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයෙන් පෙරේදා සවස මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
අදාළ විදේශීය කාන්තාව මෙම කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 598ක් බරැති මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂ්ම ලෙස ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා සකස් කර, ඒ තුළ බහා සිය ගමන් මලු තුළ සඟවා මෙරටට රැගෙනවිත් තිබිණි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසර තුළ කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදුකළ පස්වැනි කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව උසස් රේගු නිලධාරියෙක් පැවසීය.
මෙම කොකේන‍් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
=කටුනායක - ටී.කේ.ජී. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval